Sunday, September 25, 2016

දවස් 7 න් උදරයේ අනවශ්‍ය මේදය ඉවත් කරමුද....




උදරය ඉදිරියට නේරාඑම හා ඇග මහත් වීම ඔබට මහත් ගැටලුවක් නේද ? මෙයට තුඩු දෙන හේතු කාරනා මොනවාද කියලා ඔබ නිකමටවත් හිතුව ද ?


අධික තරබාරුකමට ප්‍රධානම හේතුව වන්නේ පරිවෘතිය ක්‍රියාවලියේ මන්දගාමී ස්වභාවයයි. මෙයට විසඳුම අප ඔබට ලබාදෙන්නම්. ඔබගේ මන්දගාමී ජීරණ ක්‍රියාවලිය ඉක්මන් කරන ඒ වගේම උදරයේ අනවශ්‍ය මේදය දියකර හරින සෞඛ්‍යාරක්ෂිත පලතුරු බිමක් සාදා ගන්නා වට්ටෝරුවක් අපි ඔබට ලබාදෙනවා.


අවශ්‍ය අමුද්‍රව්‍ය…

උතුරන උණු වතුර ලීටර් 1 ක්
හරිත තේ බෑග් (green tea) 5 ක්
දොඩම් ගෙඩියක්
නැවුම් මින්ට් කොළ අහුරක්

සාදාගන්නා පිළිවෙල…

උතුරවාගත් වතුරට හරිත තේ අඩංගු tea bags 5 ම දමන්න. විනාඩි තුනක් පමන එය තැම්බෙන්නට ඉඩ හරින්න. ඉන් පසුව tea bags ඉවත් කර එය සිසිල්වන්නට තැබිය යුතුයි.



දොඩම් ගෙඩිය පවිත්ර කරගෙන කෑලිවලට කපා ගන්න. ඉන් පසු විශාල වීදුරු බඳුනකට සිසිල් වූ තේ වත්කර ගෙන එයටම කපාගත් දොඩම් හා නැවුම් මින්ට් කොළ ටිකත් දමා ගන්න. මෙම අමුද්රව්ය මිශ‍්‍රණය හොඳින් විලින (fuse) වන්නට එක් රැයක් ශීතකරණයේ ගබඩා කොට තබන්න.



පරිභෝජනය කිරීමට පෙර සදාගත් මිශ්රණය හොඳින් පෙරා ගෙන ඔබ ගන්නා ආහාර වේලකට පෙර දිනකට තුන් වරක් බොන්න.



දවස් 7 ක් පුරාවට මෙම ප‍්‍රතිකාරය කිරිමෙ දී කැපි පෙනෙන වෙනසක් ඔබේ උදර ප‍්‍රදෙශයේ දකින්නට ලැබෙවී. පර්යෙෂණ මගින් ද තහවුරු කර ඇති මෙම පානය සදහා යොදා ගත් අමුද‍්‍රව්‍ය ශරීරයේ මේදය දහනය කිරීමට අනීවාර්යෙන්ම උදව් වෙන බව ඔබටම ඔප්පු වෙවී. ඉතිං ඔබත් උත්සහ කර බලන්න.


පාට පහක් ඇති ගගක් බලමුද...





ගංගාවන් ගැන කතා කළාම විවිධ වර්ගයේ, විවිධ වර්ණයේ ගංගාවන් තියෙනවානේ. නිල්වන් පැහැති, ළා කොළ පැහැති, ගංගාවන් වගේම ඉඳලා හිටලා මඩ පාටට හැරුණු ගංගාවන් දකිනවා වුණත් පාට පාට දේදුනු වගේ ගංගාවන් දකින්න ලැබෙන්නේ නැහැ. 

නමුත් කොළොම්බියාවේ ඉඥපපචදඪච ඤඥතච ර්චජචපඥදච ප්‍රදේශයේ ඉන්න අයට නම් දේදුනු ගංගාවක් දකින්න අවස්ථාව ලැබිලා තියෙනවා. මේ ගඟේ නම කැකෝ ක්‍රිස්ටාලේ වුණත් ඒ ප්‍රදේශයේ අය නම් කියන්නේ දේදුනු ගංගාව කියලයි.

පාට වර්ග පහකින් යුත් මෙම ගංගාව පිහිටා ඇත්තේ වැසි වනාන්තරවලින් ගහන ප්‍රදේශයකය. මෙම කලාපය අවට කුරුලු වර්ග 420ක්, උභය ජීවීන් 10ක්, උරග විශේෂ 43ක් සහ ශාක විශේෂ වර්ග 8ක් ජීවත් වෙනවා. ගඟේ විවිධ ප්‍රදේශවල ජීවත්වන ක්‍ෂුද්‍රජීවීන් වගේම ඇල්ගී සහ පාසි විශේෂ, ශාක විශේෂ වගේම විවිධ පාෂාණ වර්ග නිසාත් මේ වගේ අපූරු නිර්මාණයක් ඇතිවී ඇතැයි සැලකෙනවා.


සංචාරක ආකර්ෂණය ඇද බැඳ තබාගත් ස්ථානයක් ලෙස සැලකෙන කැනෝ ක්‍රිස්ටල් ගංගාවේ කැපී පෙනන රෝස පැහැයට හේතුව, ඒ ප්‍රදේශයටම ආවේණික වූ ර්චජචපඥදඪච ඛ්තචමඪඨඥපච නම් ශාක විශේෂයයි. මෙම ගංගාවේ තවත් එක් විශේෂත්වයක් වන්නේ ජලය ඉතාමත් පිරිසුදු වීම බව පැවසෙනවා.











කිලෝමීටර් 5ක් දිග ලෝකයේ විශාලතම ගල්ගුහාව...




ගල්ගුහාව එසේත් නැත්නම් ගල්ලෙන් කියන්නේ ස්වභාවධර්මයේ තවත් එක් විශිෂ්ට නිර්මාණයක්.

අපේ රටේ බොහෝ ස්ථානවල විවිධ ප්‍රමාණයේ ගල්ගුහා දක්නට ලැබෙනවා.මේ නිසා ගල් ගුහාවක් තුළට ගොස් නොමැති පුද්ගලයකු සොයාගැනීමට නොමැති තරම්.මීට හේතුව අපේ රටේ බොහෝ පන්සල් ගල්ගුහා ආශ්‍රිතව පිහිටා තිබීමයි.අද ඔබ සමඟ යන්නට සූදානම් වන්නේ ලෝකයේ විශාලත ම ගල්ගුහාව වෙතයි.පරිමාව අතින් විශාලතම ගල්ගුහාව වන මෙය පිහිටා තිබෙන රටවන්නේ වියට්නාමයයි.


වියට්නාම් භාෂාවෙන් Hang Son Doong (හැන් සන්ඩෝන්) සහ Son Doong ගුහාවQuang Binh පළාතේ Phong Nha-ke Bang ජාතිකඋද්‍යානය තුළ පිහිටා තිබෙනවා.හිරිගල්වලින් සෑදී ඇති මෙම ගුහාව තුළ පොළොව යටින් ගලායන ගංගාවක් පවා තිබෙනවා.වර්ෂ 1991 දී වියට්නාම්ජාතිකයකු මෙම ගල්ගුහාව සොයාගෙන ඇති නමුත් ගල්ගුහාව ආරම්භයේ ඇති දැඩි ප්‍රපාතයත් ගල්ගුහාව තුළින්ඇසෙනා සුළං හමන ශබ්දයත් වියට්නාම්ජාතිකයන් මෙම ගුහාවතුළට ඇතුළුවීම වළක්වාතිබෙනවා.


2009දී බ්‍රිතාන්‍ය ගල්ගුහා පර්යේෂණ කණ්ඩායමක් තමයි ඔවුන්ගේ පර්යේෂණයක් සඳහා ප්‍රථමයෙන් මෙම ගල්ලෙන තුළට ඇතුළුවී තිබෙන්නේ.ඇතුළත පරිමාව අතින් ගත්කළ මෙම ගල්ගුහාව ලෝකයේ ඇති විශාලතම ගල්ගුහාව වනවා.ගුහාව තුළ මාර්ගය කිලෝමීටර්5ක පමණ දිගකින්යුක්ත මෙහි උසමීටර 200ක් වන අතර පළල මීටර් 150ක් වනවා.


කෙසේ වෙතත් ගල්ගුහාවේ කෙළවරටම ඇති දුර දළ වශයෙන්කිලෝමීටර් 9ක් පමණ වනබව පැවසෙනවා.
මෙම ගුහාවේ ස්ථාන දෙකක ගුහාවේ සිවිලිම කඩාවැටීමෙන් විවර සෑදී තිබෙනවා.


ගුහාවේ කටවල් ලෙස ක්‍රියාකරන මේවානිසා ගුහාවතුළට හිරුඑළිය පතිතවන අතර මේනිසා ම එම ගුහාකටවල් ආශ්‍රිතව තුරුලතා ඇතිවීමෙන් කුඩා වැසිවනාන්තරයක් නිර්මාණයවී තිබෙනවා.
ගුහාව තුළ ඇති සීතල වාතය එයින් පිටත ඇති උණුසුම් වාතය හා ගැටීමෙන් මීදුම හෝ වළාකුළු වැනි ස්වාභාවයක් නිර්මාණය කරන්නේ ගුහාව තුළවෙනම ම ලෝකයක්ඇතිකරමිනි.මීටර 70ක් පමණ උසින්යුක්ත හිරිටැඹ රැසක් මෙම ගල්ලෙන තුළඇති අතර ඒවා ලෝකයේ උසින් වැඩිම හිරිටැඹවනවා.හිරිටැඹයනු එක්තරා ආකාරයක පාෂාණ වර්ගයක් වන අතර මේවා සෑදෙන්නේ ගල්ගුහාවේ සිවිලිමේ සිට පහළට බිංදු ලෙසින් පතිතවන ජලයේ දියවී ඇති ද්‍රව්‍ය තැන්පත්වීමෙනි.






 





මෙම ගල්ගුහාව නැරඹීමට පළමු සංචාරකයන් පිරිස පැමිණ තිබෙන්නේවසර 2013දීය. මෙම ගල්ගුහාව නැරැඹීමට පැමිණිය හැක්කේ පෙබරවාරි මස සිට අගෝස්තු මස දක්වා පමණි.


එයට හේතුවවන්නේ අගෝස්තු මස අවසානයේ ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව නිසා ගංගා ජලයෙන් පිරීගොස් ගල්ගුහාව වෙතපැමිණෙන මාර්ග අවහිරවන නිසායි.වසරකටසංචාරකයන් 450-500 අතර ප්‍රමාණයකට පමණක් මෙහි පැමිණීමට අවසරපත් නිකුත් කරන්නේ ගල්ගුහාවේ ආරක්ෂාව ගැනබලධාරීන් සැලකිල්ලක් දක්වන නිසායි. බොහෝ ඡායාරූපශිල්පීන් මෙම සුවිශේෂී ස්ථානය තම කැමරාකාචයේ සටහන් කරගැනීමටමෙහි පැමිණෙන බව සඳහන් වනවා.


Friday, September 23, 2016

මිලියන දාසයක පාට තියෙන අමුතු පෑන...



*ඉස්සර නම් Bic කොම්පැනියට තිබුණේ නිල් පාට, රතු පාට, කළු පාට සහ කොළ පාට පෑන් නිපදවීමේ හැකියාව පමණයි. Bic කොම්පැණිය පටන් අරගෙනත් දැන් අවුරුදු හතළිහකටත් වැඩියි. පාට හතරක් එකින් එක මාරුවෙන් මාරුවට ලියන්න පුළුවන් පෑන් හදන්න විතරක් දැනන් හිටිය බුද්ධිමතුන් එතැනින් එහාට සෑහෙන පියවර ඉදිරියට ගිහින්. මිලියන දහසයක වර්ණ එකට සංකලනය වුණු අතිසංවේදී පෑනක් ලබන අවුරුද්දේ වෙළෙඳපොළට නිකුත් වෙනවා. 

  1. "Cronzy” නමින් තමයි මිලියන දහසයක වර්ණ එකට එක්වුණු පෑන හැඳින්වෙන්නේ. මේ පෑන අතිසංවේදකයක්. පරිසරයේ තියෙන ඕනම පැහැයක් උරා ගැනීමේ හැකියාව මේ පෑන සතුයි. විසිහය හැවිරිදි Alex Leontes තමයි මේ පෑන නිර්මාණ සංකල්පයේ අයිතිකාරයා. වැඩේ කියන්නේ මේ පෑන වැඩ කරන්නේ ෆෝන් එකේ ඇප් එකක් එක්ක.ios, Android, windows ෆෝන් තියෙන අයට ලබන අවුරුද්දේ විතර මේ පෑනක් මිලදී ගන්න පුළුවන්. දැනට නම් මේ පෑනට මිල නියම වෙලා තියෙන්නේ ඩොලර් 300ක් විතර.

  1. මේ පෑනෙන් ලියන්න වගේම පාට කරන්නත් පුළුවන්. ඒ සඳහා වෙනම වෙන්වුණු පෑන් තුඩ කිහිපයක්ම තියෙනවා. Alex මේ පෑන හදන්න අවුරුද්දක් තිස්සේ මහන්සි වෙලා. Alexට ඕන වෙලා තිබුණේ එක වර්ණයක එළිය අඳුරු පැහැ පෙන්වන්න. අන්තිමේදී මිලියන 16ක් වර්ණ හඳුනගෙන ලියන්න පුළුවන් පෑනක් හදන්න Alex සමත් වෙලා. මේ පෑනේ එක කොටසක් ක්‍රියාකරන්නේ ස්කෑනර් යන්ත්‍රයක් ආකාරයෙන්. පරිසරයේ තියෙන වර්ණවලට සංවේදකයක් විදියට.

  1. පරිසරයෙන් සංවේදනය වෙන වර්ණ ඒ ආකාරයටම හරි එහෙමත් නැත්නම් තවත් වර්ණ කිහිපයක සංකලනයක් විදියටත් යොදාගන්න පුළුවන්. මේ හැම දෙයක්ම පාලනය වෙන්නේ දුරකතනයේ තියෙන ඇප් එක මඟින්. පරිසරයේ තියෙන වර්ණත් එක්ක තමන්ගේ නිර්මාණ කටයුතු සැලැසුම් කරන පුද්ගලයන්ට වගේම චිත්‍ර ශිල්පීන්ටත් මේ පෑන හොඳ උත්තරයක් වේවි කියලා Alex බලාපොරොත්තු වෙනවා. ඒත් හැබැයි ලබන අවුරුද්දේ මැයි වගේ වෙනකම් බලාගෙන ඉන්න වෙනවා.

නිරෝගී බව අඩු වූ ගමන් දැනුම් දෙන ස්මාට් බෙල්ට් එකක්...




සැම්සන් සමාගම විසින් එළැඹෙන ජනවාරියේදී ස්මාට් බෙල්ට් එකක් නිකුත් කිරීමට කටයුතු කරනු ලබනවා. එමඟින් ඔබගේ ඉණ සහ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව දැනගැනීමට හැකි වෙනවා.

එහි සංවේදකයන් සහ පාදමානයන් (සෙඩෝ මීටර්) අන්තර්ගත කර ඇත. මෙම බෙල්ට් එක දුරකතනයක් සේ චාර්ජ් කළ හැකි අතර එය වරක් චාර්ජ් කළ පසු දින 20ක් පමණ භාවිත කිරීමටද හැකිවෙයි.

මෙම උපකරණය කාන්තා, පිරිමි දෙපාර්ශ්වයටම එක සේ වැදගත් වන අතර මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් 10,000ක් පමණ වටිනාකමකට උරුමකම් කියයි.

මෙම බෙල්ට් එක හඳුන්වනු ලබන්නේ වෙල්ට් ලෙසින්ය. මෙම ස්මාට් බෙල්ටය මඟින් කොපමණ වේලාවක් අසුන් ගෙන සිටියා දැයි ගණනය වෙයි. එම බෙල්ටය ඉණ ප්‍රමාණය අඟල් 28 - 44 වටප්‍රමාණය දක්වා හඳුනා ගනු ලබනවා.

මෙය යෝග්‍යතා මිනුමක් පමණක්ම නොව විලාසිතා අංගයක් ලෙසද භාවිත කිරීමට හැකියාව පවතිනවා. විශේෂඥයන් විශ්වාස කරන ආකාරයට වැඩි වේලාවක් වාඩි වී සිටීම මඟින් සෞඛ්‍ය ගැටලු රාශියක් ඇතිවීමට ඉඩ පවතී.

මෙම වෙල්ට් බෙල්ට් එක පැලැඳ ආහාර ගත හොත් ඉන් පසුව උදරය කෙතරම් විශාල වනවාද යන්න නිර්ණය කර ගැනීමට හැකි වෙනවා. එමඟින් ඔබට ආහාර පාලන ක්‍රමවේදවලට යොමු වීමට පුළුවන්.

Tuesday, September 20, 2016

සුදු වෙමුද ?




අපි කව්රුත් කැමතියි පොඩ්ඩක් සුදු වෙන්න.හැබැයි ඉතින් ඔය කඩේ තියෙන එක එක cream ගලා මුණ සවුත්තු කර ගන්නවට වඩා හොදයි මොකුත් නොකර ඉන්න එක .එතකොට සල්ලි ටික හරි ඉතුරුයි.හැබැයි යාළුවනේ ඔයාලා දන්නවාද මුහුණ පැහැපත් කර ගන්න හොදම ක්‍රමය පුළුවන් තරම් ස්වභාවික ප්‍රතිකාර කරන එක කියලා.අනික ඒ වගේ දේවල් වලට ගොඩක් සල්ලි යන්නෙත් නෑ.හරි ඔන්න එහෙනම් අද විශ්ම ලෝකය තුලින් අපේ කෙල්ලෝ වගේම කොල්ලොන්ටත් පොඩ්ඩක් සුදු වෙන්න පුළුවන් වටිනා උපදෙස් ටිකක් දෙන්නම්.අපි දැන් මේ වැඩේ කරන්න පටන් ගන්න කොට මුලින්ම ඔබේ මුහුණ කළු වෙන්න බලපාන මුලික හේතු ටිකත් විනාශ කර ගෙනම ප්‍රතිකාර ක්‍රම ටිකත් ඒ එක්කම පටන් ගමු.



පුළුවන් තරම් අව්වේන් මුණ පරිස්සම් කර ගන්න.මොකද අව්ව තමයි අපේ සම අව පැහැ වෙන්න බලපාන ප්‍රධානම හේතුව.හිරු එළියේ තියෙන අල්ට්‍රා වයලට් (UV) කිරණ මගින් තමයි සමට මේ හානිය කරන්නේ.ඔබට අව්ව මග අරින්න බැරි නම් ඔයාට පුළුවන් Sun Block Cream එකක්  use කරන්න.හැබැයි මතක තියා ගන්න මෙන්න මේක හොදට.ඔය Sun block cream වල  තියෙනවා SPF කියලා අගයක්.අන්න එක 30 වගේ අගයක් තියෙන Sun block cream එකක් use කරන්න.එතකොට තමයි ඔයාගේ මුහුණ කළු වීමට බලපාන UV කිරණ 98% කින්ම ඔබේ සම ආරක්ෂා කර ගන්න පුළුවන් වෙන්නේ  .තව දෙයක් කරන්න පුළුවන්.ඒ තමයි ඔයා එලියට යනකොට ලස්සන Fashionable cap එකක් hat එකක් ඔලුවේ දා ගෙන යන්න.එතකොට ඔයාට ගොඩක්ම අව්වෙන් පරිස්සම් වෙලා ලස්සනට ඉන්න පුළුවන්


සතියකට කීප වතාවක්ම ඔබේ සමේ මැරුණු සෛල ඉවත් කර ගැනීම මගින් ඔබේ මුහුනට හොද එළියක් ගන්න පුළුවන් .හැබැයි මේ විදිය මුහුණ පැහැපත් වීමක් වෙන්නේ ඉර එලිය නිසා ඔබේ මතු පිට සම ඇත්තටම හානි වෙලා ඔයාගේ සැබෑ සමේ වර්ණයට වඩා මතුපිට සම කළු වෙලා තියෙනවා නම් විතරයි.facewash එකක් මගින් මුහුණ මෘදු ලෙස පිරිමදිමින් හෝ clenser එකක් භාවිතා කරලා මේ දේ කරන්න පුළුවන්.facial වගේ දේවල් දිගටම කර ගෙන යන්න.මොකද ඔබේ මුහුණේ සම ස්භාවයෙන්ම කලුයි නම් එක දිගටම facial කරලා තමයි ගොඩ දා ගන්න වෙන්නේ.


පොල් වතුරින් මුහුණ හෝදන්න.
පුදුමයි නේද ? ඔව් පොල් වතුරින් මුණ හෝදලා ඒ වතුර මුනෙම වේලෙන කම් විනාඩි 20ක් විතර ඉන්න.පොල් වතුර වල පුදුම ගුණයක් තියෙනවා මුහුණේ මැරුණු සම ඉවත් කරලා මුහුණ සුදු කරන්න පුළුවන්.


දෙහි යුෂ වලින් මුහුණ සේදීම
දෙහි බෑයක් මිරිකලා එකට වතුර වතුර ටිකක්(මිරිකපු දෙහි යුෂ ප්‍රමාණයට සමාන) දාලා ඔයාගේ මුහුණේ පුළුන් කැල්ලක් වගේ දෙයකින් හොදින් අලේප කර ගන්න.ඊට පස්සේ විනාඩි 20ක් වගේ ඉන්න.එලියට එහෙම යන්න එපා.ඉර එලියට ඔයාගේ හම හානි වෙන්න පුළුවන්.විනාඩි 20ක් ඉදලා උනු වතුරෙන් මුහුණ හෝදලා දාන්න.දෙහි කියන්නේ ගොඩක් ප්‍රභල විෂබිජ නාශකයක්.දෙහි වල අඩංගු වෙනවා alpha-hydroxy කියන අම්ලය.ඒ මගින් මුහුණේ  මැරුණු සම හොදින් ඉවත් කරලා මුහුණ සුදු කරනවා.සතියකට තුන් වතාවක් මේ දේ කරොත් හොද ප්‍රතිපල ගන්න පුළුවන්.


අල පෙත්තක් මුණේ ගාන්න 
අල ගෙඩියක් අරන් හීනියට පෙති කපලා ඔබේ මුහුණේ අලේප කරන්න.හෙමිට හෙමිට ඔබේ සමේ අල පෙත්ත උලන්න.අල වල තියෙන විටමින් C නිසා මුහුණ පැහැපත් වීමක් සිද්ධ වෙනවා.අල වලට ඔයා ඒ තර ම් කැමති නැත්තම් පිපිංචා(cucumber) පෙති යොදා ගෙන මේ වැඩේ කරන්න.මුහුනේ ගාලා පෙති දෙකක් මුහුණ උඩ තියා ගෙන හිටියත් කමක් නෑ.ඊට පස්සේ ඒ ගාපු ටික හොදටම වෙලුනාට පස්සේ උනු වතුරින් හෝදලා දාන්න.මේ වැඩේ සතියකට කීප වතාවක් කරන්න.


අමු කහ olive තෙල් එක්ක mix කරලා මුහුණේ ගාන්න 
අමු කහ හොදට තලලා කුඩු කර ගෙන එකට සමාන olive oil ටිකකුත් එකතු කරන් මුහුණේ ආලේප කරන්න.විනාඩි 20ක් වගේ තියලා උනු වතුරෙන් හෝදලා දාන්න.කහ වලට හැකියාව තියෙනවා  මෙලනින් කියන සමේ අදුරු වර්ණය ඇති කරන සන්ගටකය නිෂ්පාදනය කරන එක අඩු කරවන්න.


මුහුණේ කොමාරිකා යුෂ ආලේප කිරීම 
කෝමාරිකා වල තියෙනවා anthraquinone කියලා සන්ගටකයක්.ඒ මගින් සමේ මැරුණු සෛල ඉවත් කරලා මුහුණ පැහැපත් කරන  බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා.ඔයලා හොදට හොයලා බැලුවොත් ඔය කඩේ තියෙන ගොඩක් මුහුණ පැහැපත් කරන්න ගාන cream ජාති වල මේ කෝමාරිකා අඩන්ගුයි.ඉතින් මොකට ද වැඩි ගානක් දීලා කඩේ තියෙන ජාරාව මුනේ ගාන්නේ.ගෙවත්තේ පොඩි කෝමාරිකා පලයක් වවාගන්න.එතකොට ඔයාට පුළුවන් ස්භාවික කෝමාරිකා වල ගුණය මගින් ඔයාගේ මුහුණ පහසුවෙන්ම සුදු කර ගන්න.කෝමාරිකා යුෂ මුහුණේ ගාල විනාඩි 20ක් තියලා උණුවතුරින් හෝදලා දාන්න.


අමු ගස්ලබු mask එකක් දාමු
ගස්ලබු වල තියෙනවා papaine කියලා එන්සයිමයක්.ඒ වගේම විටමින් C ත් තියෙනවා .ඒ මගින් සම පැහැපත් කරනවා.හැබැයි මතක තියන ගන්න ඔයා මේ mask එක දාන්න කොල පාට අමු ගස් ලබූ ගෙඩියක් යොදා ගන්න.එකට හේතුව තමයි ගස්ලබු ගෙඩිය අමු වෙන්න වෙන්න අර papaine කියන්න එන්සයිමය හොද තත්වයෙන් තියෙන නිසා.ගස්ලබු ගෙඩිය කලි කපලා blender කරලා මුහුණේ ගලා විනාඩි 20ක් තියලා උනු වතුරින් හෝදලා දාන්න 


කඩල පිටි mask එකක් දාමු
කඩල පිටි මේස හැදී දෙකකට අවශය පමාන වතුර එකතු කරගෙන mask එක දාන්න අවශ්‍ය තලපය හදා ගන්න.ඊට පස්සේ එකට දෙහි යුෂ ටිකකුත් එකතු කරලා මුහුණේ ගාන්නකෝ.මතක තියා ගන්න මේක මුහුණේ ගාන කොට උඩු අතට ගාන්න.


ඒ වගේම ඔයාලට පුළුවන් මීපැණි එක්ක දෙහි යුෂ mix කරලා මුහුණේ ගාන්න

හරි එහෙනම් යාළුවනේ මේ ටික කරලා බලන්නකෝ