සාමාන්‍යයෙන් අද කාලයේ කාන්තාවන් ඇඟ මහන්සි කරලා වැඩ කරනවා අඩුයි. ගොඩාක් වෙලාවට කාර්යාලයට ගියාම වැඩ කරන්න වෙන්නේ වාඩිවෙලා. උදේට වාඩි වුණාම දවල් කෑමට තමයි නැඟිටින්නේ. කෑම කාලා ආයෙත් වාඩි වුණාම නැඟිටින්නෙ ඕෆ් වෙන වෙලාවට. ඉතින් මේ විදියට දවසේ වැඩි වෙලාවක් වාඩිවෙලා ඉන්න අයට ඇඟ මහන්සි කරලා වැඩ කරන්නෙ නැති වුණාම ලෙඩ වැඩි වෙන්න පුළුවන්. ඉතින් එහෙම අයට කරන්න මේ ව්‍යායාම ප්‍රයෝජනවත් වේවි.
1.කුඩා බංකුවක වාඩි වෙන්න. දෑත් පිටුපසට බැඳ ගන්න. දැන් ඉණ ප්‍රදේශයෙන් ඉදිරියට සහ පිටුපසට ඔබට හැකිතාක් නැවෙන්න. ඉන්පසු දැන් දෑත් පිටුපසට බැඳගෙනම හිස දෙපසට නවමින් චලනය කරන්න.
2.පුටුවකින් වාඩි වෙන්න. අත් දෙක කන් මට්ටමේ තබා ගන්න. ඊට පස්සේ ඉණ ප්‍රදේශයෙන් සිරුර දෙපැත්තට චලනය කරන්න. මේ ආකාරයට ඉණ ප්‍රදේශයෙන් සිරුර ඉහළටත්, පහළටත් චලනය කරන්න.
3.පාද බිම වැදෙන විදියට පුටුවක වාඩි වෙන්න. ඊට පස්සේ එක් පාදයක් ඔසවා රූපයේ ආකාරයට ඒ පාදයේ වළලුකර ප්‍රදේශය අනෙක් පාදයේ දණහිස ප්‍රදේශයෙන් තබන්න. ඉන් පසුව එසවූ පාදයේ දණහිස ඉහළටත්, පහළටත් චලනය කරන්න. මේ ආකාරයටම අනෙක් පාදයෙනුත් මේ ව්‍යායාමය කරන්න.
4.ඉස්සෙල්ලාම ඇඳේ එක පැත්තකට වෙන්න වාඩි වෙන්න. වාඩි වෙනකොට කොන්ද හොඳට කෙළින් තියාගෙන වාඩි වෙන්න ඕනෙ. කකුල් දෙක බිම වදින නොවදින ගානට හිටියට කමක් නැහැ. ඊට පස්සේ රූපයේ විදියට ඇඳේ දිගා වෙලා එක පාදයක දණහිස සිරුරට සමාන්තරව ඔසවන්න. පාදය හොඳින් ඇදෙන විදියට ඔසවන්න පුළුවන් වෙන්න ඕනෙ. මේ ව්‍යායාමය මාරුවෙන් මාරුවට කකුල් දෙකෙන්ම කරන්න.
5.මේ විදියට ඇඳක් උඩ නැතිව බිත්තියකට මුහුණලා වාඩි වෙන්න. ඊට පස්සේ ඒ ආකාරයෙන්ම උඩු අතට බිම දිගා වෙන්න. දැන් එක පාදයක් බිත්තියට සමාන්තරව ඔසවන්න. නැවත පහත් කරන්න. මේ විදියට පාද දෙක වෙන වෙනම එසවීම පහත් කිරීම සිදු කරන්න පුළුවන්. ඊට පස්සේ පාද දෙක එකවර බිත්තියට සමාන්තරව එසවීම, පහත් කිරීම සිදු කරන්න.
මේ ව්‍යායාමවලින් දවසකට එක බැගින් කරන්න පුළුවන් නම් ඔබේ සිරුරේ කාර්යක්ෂමතාවට ඉතාම වැදගත් වෙනවා. අඩුම තරමින් මේ ක්‍රම පහ සතියක් තුළ කරන්න උත්සාහ කරන්න. දවසකට විනාඩි විස්සක් විතර ව්‍යායාමයේ යෙදීම ප්‍රමාණවත්. ඔබ මේ ව්‍යායාම කිහිපය කරන්නේ ස්ට්‍රෙට් එක්සසයිස් එකක් විදියට මිස මහත අඩු කරගන්න නෙවෙයි. ඒ නිසා මේ සියල්ල එකවර කරන්න ඕනේ නැහැ.
මේ ව්‍යායාමවලින් දවසකට එක බැගින් කරන්න පුළුවන් නම් ඔබේ සිරුරේ කාර්යක්ෂමතාවට ඉතාම වැදගත් වෙනවා. අඩුම තරමින් මේ ක්‍රම පහ සතියක් තුළ කරන්න උත්සාහ කරන්න. දවසකට විනාඩි විස්සක් විතර ව්‍යායාමයේ යෙදීම ප්‍රමාණවත්. ඔබ මේ ව්‍යායාම කිහිපය කරන්නේ ස්ට්‍රෙට් එක්සසයිස් එකක් විදියට මිස මහත අඩු කරගන්න නෙවෙයි. ඒ නිසා මේ සියල්ල එකවර කරන්න ඕනේ නැහැ.
Casino Site Review ᐈ Find your dream casino site today
ReplyDeleteAll Casino sites reviews can be found here, in accordance with our own experience. These sites luckyclub.live are certified with a Curacao license and you can get a welcome bonus