සමහර කාන්තාවන්ට මෙන්ම පුරුෂයන්ටද මතුවී ඇති ප්‍රධාන ගැටලුවක් ලෙස උදරය ඉදිරියට නෙරා ඒම දැක්විය හැකි වෙනවා. සිරුරට අවශ්‍ය ව්‍යායාම නොලැබීම නිසා මෙම තත්ත්වය මතු වෙනවා. මෙම ගැටලුව මඟහරවා ගැනීමට ඔවුන් කාය වර්ධන මධ්‍යස්ථාන වෙත යෑම විසඳුමක් ලෙස තෝරා ගනු ලැබනවා. නමුත් වැඩි මුදලක් වියදම් කර ජිම් යනවට වඩා හිතකර දෑ කෙරෙහි යොමු වීම වැදගත් වෙනවා. අලිගැටපේර කියන්නේ ගුණදායක පලතුරක්. අලිගැටපේර ආහාරයට ගැනීම තුළින් උදරය ඉදිරියට නෙරා ඒම අවම වෙන බව නවතම පර්යේෂණයකින් හඳුනාගෙන තිබෙනවා.
අලිගැටපේර තුළ ප්‍රතිඔක්සිකාරකයන් ඇතුළත් වන අතර ඒවා සතුව ආසාදන සමඟ සටන් කිරීමේ හැකියාවක් පවතිනවා. අලිගැටපේර සුපිරි පලතුරු අතරට අයත් වෙනවා. එය අපගේ ශරීර සෞඛ්‍යයට ඉතා ගුණදායකද වෙනවා.
එමෙන්ම අලිගැටපේර තුළ අන්තර්ගත වන සංතෘප්ත මේද අම්ල ශරීරයේ තිබෙන කැලරි දහනය කිරීම සිදු කරනවා.
අලිගැටපේර මඟින් ලබා දෙන එක් උපකාරයක් ලෙස අලිගැටපේර අනුභවය කළ පසු බඩ පිරුණු ස්වභාවයක් ගැනීම දැක්විය හැකියි. එසේ සිදු වනුයේ අලිගැටපේර තුළ අන්තර්ගත වන ඕලෙක් ඇසිඩ්ඒ මඟිනි. ඕලෙක් ඇසිඩය මේද අම්ල ඇසිඩයක් වන අතර එය ස්වාභාවිකවම සත්ත්ව හා එළවළු තෙල් තුළ ඇතුළත්ව තිබෙනවා.
අලිගැටපේර මඟින් අපට අත්වන අනෙකුත් සෞඛ්‍ය සම්පන්න වාසිය ලෙස රෝගාබාධවලින් වැළැකීමට හැකිවීම දැක්විය හැකි වෙනවා. අලිගැටපේර තුළ ඇතුළත් පෝෂ්‍ය කොටස්වලට ආසාදනයන්ට ගොදුරු වීමෙන් වැළැකෙන්න පුළුවන් වෙනවා. එම ආසාදනයන් අතරට හෘද රෝගයන්, පියයුරු පිළිකාව, මුඛ පිළිකාව සහ පුරස්ථි ග්‍රන්ථියේ හටගනු ලබන පිළිකාව අයත් වෙනවා.
No comments:
Post a Comment