Monday, September 19, 2016

නිරෝගී කෙස් කලඹකට උපදෙස් 6ක්...




ඔබට උපතින්ම නිරෝගිමත්, ශක්තිමත් මෙන්ම දිදුලන කෙස් කලඹක් හිමි නම් එය සෑම දිනටම එලෙස පවත්වා ගැනීමට දහසක් දේ කළ යුතු වෙනවා. පුංචිම පුංචි දේවල් කීපයක් දිනපතාම ගෙදරදීම සිදුකිරීමෙන් කෙස් කලඹ නිරෝගීව පවත්වා ගැනීමට පුළුවන්.

ඔබට උපතින්ම නිරෝගිමත්, ශක්තිමත් මෙන්ම දිදුලන කෙස් කලඹක් හිමි නම් එය සෑම දිනටම එලෙස පවත්වා ගැනීමට දහසක් දේ කළ යුතු වෙනවා. පුංචිම පුංචි දේවල් කීපයක් දිනපතාම ගෙදරදීම සිදුකිරීමෙන් කෙස් කලඹ නිරෝගීව පවත්වා ගැනීමට පුළුවන්.

ඕනෑ ප්‍රමාණයට වඩා වැඩියෙන්
හිසකෙස් වියළීමෙන් වළකින්න
සෑම වෙලාවෙම හිස කෙස් වියළීම සිදුකිරීම සුදුසු නැහැ. හිසකෙස්වලට විලාසිතා සිදුකිරීමේදී එයට හිසකෙස් වියළීම වැඩි කාලයක් යොදා ගනිමින් සිදුකිරීම සාර්ථක වෙන්නේ නැහැ. සමහර අවස්ථාවලදී ඔබට රත්වූ උපකරණ යොදා ගැනීමට වෙනවා. එම වෙලාවට එම උණසුමෙන් හිසකෙස් ආරක්‍ෂා වීමට ඉස්නයක්  යොදා ගැනීම වැදගත් වෙනවා.

නිදාගන්නා අවස්ථාවේදී හිසකෙස්
මෘදු වීමේ ආලේපන ගැල්වීම
හිසකෙස් මෘදු වීම සඳහා ආලේප කරනු ලබන ආලේපන හිසකෙස්වල නින්දට යෑමට පෙර ආලේප කරන්න. එමඟින් හිසකෙස්වල පවතින රළු ස්වභාවය නැතිවී යනවා. රාත්‍රි කාලයේදී මෙම ක්‍රියාවලිය මැනවින් සිදු වෙනවා.


කෙස් කලඹ පිරිසුදුව පවත්වා
ගැනීම
හොඳ ප්‍රමිතියෙන් යුතු ආලේපන වර්ග භාවිත කරන කාන්තාවන්ට වාසි රැසක් හිමිවෙනවා. ඉහළ ප්‍රමිතියකට අනුව නිපදවන ෂැම්පු වර්ග භාවිත කිරීමෙන් හිස කෙස්වල අග කොටස හානි වීමෙන් වැළකෙනවා. තවද හිසකෙස් පිරිසුදුව මෙන්ම පැහැපත්ව පවතිනවා.
නිවැරැදි ආහාර වර්ග ලබාගන්න
යකඩ, තුන්තනාගම්, ඔමේගා 3 මේද අම්ලය සහ ප්‍රෝටීන් අඩංගු ආහාර වේලකට පුරුදු වීම ඉතාමත් වැදගත් වෙනවා. එම පෝෂ්‍ය පදාර්ථ හිසකෙස් වර්ධනයට උපකාරි වෙනවා.


විටමින් වර්ග ලබාගැනීම
නිවැරැදි ආකාරයට විටමින් වර්ග, ඛනිජ ලවන වර්ග සහ අමිනෝ අම්ල ලබාගැනීමෙන් හිසකෙස් ශක්තිමත් වී දිදුලන බවක් ලබාදෙනවා. එමෙන්ම නියපොතු ශක්තිමත් වීමද සුවිශේෂී වෙනවා.


හිසකෙස්වලට යොදාගත යුතු
නියමිත නිෂ්පාදන ප්‍රමාණය ගැන
සිතන්න
ෂැම්පු හෝ කන්ඩිෂනර් නිවැරැදිව යොදාගත යුතු වීම වැදගත් කරුණක් ලෙස දක්වන්න පුළුවන්. ෂැම්පු පළමුව ආලේප කළ යුත්තේ හිස්කබලේ සිට අඟල් කීපයක් දුරට පමණයි. ඉන් පසුව ඉතිරි කොටසේ ආලේප කළ යුතු වෙනවා.


1 comment:

  1. Videos from the top 5 videos of “The House of The
    Watch and youtube converter stream videos youtube to mp3 from the top 5 videos of “The youtube mp4 House of the https://youtu.be/qN9lBYcWtZd It's your choice whether you're in the USA or anywhere.

    ReplyDelete